අවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Share

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතුශාඛාවක් වන කොටියාගලඔයේ පරිසර විනාශයක් කරමින් අවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කොටියාගල වතුයායේ සිට කෙසෙල්ගමුඔයටජලය ගලා බසිනා කොටියාගලඔයේ වැසි ජලය බැස යාමට ආපදා කලමණාකරණ ඒකකය මගින් පසුගිය දා බැකෝ යන්ත්‍රයක් යොදගෙන ඔය පුළුල් කිරිමේදි ගං ඉවුරේ මතු වු මැණික් ඉල්ලම් සැකකරුවන් විසින් කපා එම ඉල්ලම් පස් කොටියාගලඔයටම සොදමින් සිටියදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන්ව පොලිස් ඇප මත මුදා හැර ඇත.

සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය පවසයි.

Read more

Local News