ප්‍රශ්න විසඳිමට ඇති එකම විකල්පය සජිත්ව ජනාධිපති ලෙස පත් කර ගැනීම බව තිස්ස කියයි

Share

ප්‍රශ්න විසඳිම සඳහා ඇති එකම විකල්පය වන්නේ නොවැම්බර් 16 දා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

අම්බලන්ගොඩ, අකුරල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් හිටපු මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“අපි ලොකු සටනක නියැලෙනවා. කරට කර සටනකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා නිසා අපිට ජයගැනීමට පුළුවන්. ඒක ලොකු ආඩම්බරයට කාරණයක්.

අපිට තියෙන ලොකුම හයිය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා පැමිණියේ නැති නම් මේ තරම් වේගයෙන් ඡන්ද ව්‍යාපාරය අපිට කරගෙන යන්න බැරි වෙනවා.

එතුමා පැමිණියේ නැති නම් මේ ඡන්ද ව්‍යාපරයට පැරණි අය, අළුත් අය, ජ්‍යෙෂ්ඨ අය මේ අය ඔක්කෝම එකට එකතු වෙන්නේ නෑ.“ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News