හෙරොයින් පැකට් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මොණරාගල – පාලාරුව ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 130ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (08) මොණරාගල පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිද පුද්ගලයෙක්.

අදාල සැකකරු හෙට (09) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොණරාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්ශන සිදු කරයි.

Read more

Local News