ශ‍්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා

Share

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 150 දෙනෙකු සඳහා රැකියා අවස්ථා ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා තරුණයින් 8 දෙනෙකු සඳහා අවස්ථාව හිමිව තිබේ.
මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස ජපන් යෙන් 135,000ක් (රු.182,250) හිමි වේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ජපන් භාෂාව හදාරා තිබීම ප‍්‍රමාණවත් වේ. මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිතයින්ට දෙසැම්බර් මස 21 දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ලියාපදිංචි කිරීමේ කටයුතු දෙසැම්බර් මස 21 හා 22 යන දෙදින කාර්යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පෙරවරු 9.30ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බැවින් රැකියා අපේක්ෂිතයින්ට අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා පළපුරුද්ද සනාථ කළ හැකි ලේඛන රැගෙන පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.

Read more

Local News