යාපනයෙන් වාණිජ ගුවන් ගමන් අරඹයි

Share

ශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

ඒ අනුව ඉන්දීය ගුවන් සේවයට අනුබද්ධිත එලායන්ස් එයා (Alliance Air )ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද දින දහවල් 12.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ගුවන් තොටුපොළට පැමිණියේය.

එම යානයෙන් ගුවන් මගීන් 12 දෙනෙකු පැමිණි අතර , යළිත් එම ගුවන් යානය දහවල් 12.45 ට ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය තුළ කාර්යය මණ්ඩලය ලෙස ගුවන් නියමුවන් ඇතුළු 07 දෙනෙකු පැමිණ තිබූ අතර, මංගල ගුවන් ගමන සඳහා ව්.ටී.ආර්.- 72 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

Read more

Local News