අක්කරයන්කුලම්වල කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කරයි

Share

අක්කරායන්කුලම් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

විමර්ශනවලදී හෙලිවී ඇත්තේ කාන්තාවගේ සැමියා මේ මස 10 වන දින යම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරව ගොස් උදෑසන නැවත නිවසට පැමිණෙන විට මාස 10 ක් වු කුඩා ගැහැණු දරුවා හඬමින් සිට ඇති බවයි.

බිරිඳ නොසිටි බැවින් පරීක්ෂා කිරීමේ දී නිවසේ පිටුපස ඇය මියගොස් සිටි බව පොලීසියට දැනුම් දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වු අක්කරායන්කුලම් හි පදිංචි ජෙරාඩ් මේරි අකිලා නැමැතියකි.

මෘත දේහය කිලිනොච්චි රෝහලේ ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අක්කරායන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News