පළමු විස්සයි20 තරගයේ ජය ඉන්දීයාවට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (20) කටක් නුවර බරබාතී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ලකුණු 93ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3කට ලකුණු 180ක් රැස් කළේය. 181ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 39ක් මනිෂ් පාන්ඩේ නොදැවී ලකුණු 32ක් රැස්කළේය. ලෝකේෂ් රාහුල් ලකුණු 61ක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් වුයේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 13, උපුල් තරංග ලකුණු 23ක් හා කුසල් පෙරේරා ලකුණු 19ක් රැස් කළේය.

දෙපිල අතර දෙවැනි තරගය හෙට (22) පැවැත්වෙයි.

Read more

Local News