බහින් බස් වීමක් දුරදිග ගොස් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

වැල්ලවාය ඇතිලිවැව, මීගස්අරාව පුබුදුවැව ප්‍රදේශයේ දී අද (14) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

මෙසේ ඝාතනයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වයි.ඊ.ලාල් ප්‍රේමකුමාර නැමැති පුද්ගලයෙකි.

අවිවාහකයෙක් වන සැකකරු මරණකරුගේ බිරිඳගේ සොහොයුරා වන බවත් එකම නිවසක ජීවත් වන මේ දෙදෙනා අතර හේනක් පිළිබඳව ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News