Home දේශීය පුවත් වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

0
වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. සෙසු පළාත්වල තැනින් තැන විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

නැගෙනහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල (මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.

උතුරු – මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here