උත්සව සමයේ සහල් සඳහා පාලන මිලක්

Share

ජිවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටු රැස්වීමේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සඳහන් කර අැත්තේ සහල් සඳහා පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳ ලංකා සතොස පළමු පියවර ලෙස නාඩු සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයාට වඩාත් සහනදායි මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම උදෙසා සතොස හා පෞද්ගලික ආයතන මතින් අවශ්‍ය සහල් තොග ආනයනය කිරීමටත් නාඩු සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇත. ඒ අනුව නාඩු සහල්වල උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 1ක් සඳහා රු. 74.00 ක් ලෙසට ගත් තීරණය නිර්දේශ කර ප‍්‍රකාශයට පත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව වෙත භාර දී ඇත.

උත්සව සමයේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින් සෑම දිනකම වෙළෙඳසැල් පරීක්ෂා කරමින් වෙළෙඳපොල වැටලීම් සිදුකරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් දි ඇත.

Read more

Local News