යාපනය ශික්ෂණ රෝහලේ සිදුකළ හෘද සැක්කමක් සාර්ථක වෙයි

Share

යාපනය ශික්ෂණ රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවෘත හෘද සැක්කමක් සාර්ථකව සිදු කර ඇත.
මෙම හෘද සැත්කම වවුනියාවේ පදිංචි 27 හැවිරිදි එස්.රාජසේකරන් මහතාට සිදු කර ඇත. හෘද රෝග විශේෂඥ වෛද්‍ය එම්.එස්.මුගුන්තන් සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය එස්.ප්‍රේම්ක්‍රිෂ්ණා යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කමට සහභාගි වී සිටියහ.
මෙම සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දෙන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන්ට සුභ පැතුම් එක් කරන ලදි.

Read more

Local News