උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමට පියවර

Share

ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමට පියවර ගැනේ.

මෙම විශ්වවිද්‍යාල මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමේ අරමුණින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා දැනටමත් අනුගමනය කරනු ලබන ආයතනික සමාලෝචනය හා විෂය, වැඩසටහන් සමලෝචනය කිරීමේ ක්‍රමවේදය එකී විශ්වවිද්‍යාල දෙක සඳහා ද සුදුසු පරිදි අදාළ කරගැනීම සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව වූ යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරු විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය හිමිව ඇත.

Read more

Local News