සිරකරුවන් 500 කට ජනාධිපති පොදු සමාව

Share

නත්තල වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 500 කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුවන්, දඩ මුදල් ගෙවා ගත නොහැකිවූවන්, අවුරුදු 70 ඉක්ම වූ රැඳවියන් මෙන්ම දඬුවම් කාලයෙන් වසරකට දින 07 බැගින් ගෙවී යන පරිදි දඬුවම් කාලය අඩු කළ රැඳවියන් මෙසේ නිදහස් ලැබීමට සුදුසුකම් ලබයි. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින රැඳවියන්ට මේ ජනාධිපති පොදු සමාව හිමි නොවේ.

Read more

Local News