පසුගිය ආණ්ඩු මවාපෑම් සිදුකළා – නාමල්

Share

පසුගිය අවුරුදු හතරාහාමාර තුල යහපාලන ආණ්ඩුවට ක්‍රියාකාලාපයට එරෙහිව විශාල කැපවීම් කළ පිරිසක් සිටිය බවත් ඒම පිරිස වගකීම් දැරිය හැකි මෙන්ම වගකීම් දැරිය යුතු පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ අද (27) පැවති නව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයට සහබාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.

නමුත් ව්‍යවස්ථාවට අනුකුලව එම පිරිසෙන් තොරාගැනීමක් සිදු කරමින් ජේෂ්ඨ සහ නවක අමාත්‍යවරින් තොරා ගනිමින් තනතුරු ලබා දුන් බවද ඒ මහතා පවසයි.

ඒ අනුව අලුත් මුහුණුවරක් ඉදිරියේදි රට තුල දැක ගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් කිසිඳු අමාත්‍යදූරටක් බලාපොරොත්තු නොවු බවයි.

පක්ෂය තුල තමන්ට ලැබුණු කර්යභාරයන් තිබේන බවත් ඒ අනුව ඉදිරියේදි කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එළඹේන පාර්ලිමේන්තු මැතිවරණයේදි ස්ථාවර රටක් බිහි කිරීම සඳහා කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

මැතිවරණය ජයග්‍රාහනය කිරීමට මෙන්ම ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට එළමේන කාලය තුල කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

එහිද මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩු සේ මවාපෑම් සිදු නොකර කර නිවැරදීව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රීපුද්ගල විනිෂ්චය මණ්ඩල සහ මුල්‍ය අපරාධ පරීක්ෂ කොට්ඨාශ වැනි ආයතන අවශ්‍ය නොවන බවත් ඒ සඳහා පවතින නීතිය සැහෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් ආණ්ඩුව කිසිදු විටකදි දේශපාලන පලිගැනීම් සිදු නොකරන බවයි.

Read more

Local News