අද උතුරු මාර්ගයේ ධාවන වන සියළු දුම්රිය අවලංගුයි

Share

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

යාපනයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

ගල්ගමුව සහ අඹන්පොල යන දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති අතර දුම්රිය මැදිරි 5 ක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධානපාලක මැදිරිය සදහන් කළේය.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රිය ධාවන කටයුතු මහව දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති අතර යාපනයේ සිට ධාවනය වනදුම්රිය අඹන්පොල දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබේ.

මේ අතර අද රාත්‍රියේ උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ සියළු දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News