ලොව රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වැඩිම සංඛ්‍යාවක් ස්ථාපිත කළ රට

Share

ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වැඩිම සංඛ්‍යාවක් ස්ථාපිත කළ රට බවට චීනය පත්ව තිබේ.

ඒ අනුව 2019 වසර වන විට චීනය විසින් ලොව පුරා රටවල තානාපති කාර්යාල, කොන්සල් කාර්යාල සහ වෙනත් නියෝජිත කාර්යාල 276 ක් ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙර වැඩිම රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සංඛ්‍යාවක් ස්ථාපිත කළ රට ලෙස අමෙරිකාව සැලකුණු අතර මේ වන විට චීනය ඔවුන් අභිබවා යමින් සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් රටවල් කිහිපයක් පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

අමෙරිකාව සිය තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල 273 ක් ලොව පුරා රටවල ස්ථාපිත කර ඇති අතර ප්‍රංශය, ජපානය, රුසියාව යන රටවල් රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වැඩිම සංඛ්‍යාවක් ස්ථාපිත කළ සෙසු රටවල් අතරට අයත් වෙයි.

Read more

Local News