මගෙන් දුෂණ වංචා සඳහා සහය නෑ – අමාත්‍ය විමලවීර

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් කිසිවිටෙක දුෂණ වංචා සඳහා සහය ලබා දී නොමැති බව වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

ඔහු  මේ අදහස් පළ කළේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව පැවසීය.

“මම මඳුරුවෙක්වත් මරන්නේ නෑ. මම උම්මලකඩ කෑලක්වත් කන්නේ නෑ. මේ අත් දෙකෙන් හොරකම් කරලා නෑ. වංචා කරලා නෑ. සමහරු කියනවානේ පාර්ලිමේන්තුවේ 225ම පිළිකුල් කියලා.

මඳුරුවෙත්වත් මරන්නේ නැති මිනිස්සු මේ රටට පිළිකුල් නම් මේ රටට දෙවියන්ගේ පිහිටයි.  මම උම්මලකඩ කෑලක්වත් කන්නේ නැති මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 8.00 දෙනෙක්.

සමාජයේ ගොඩක් අය දන්නේ ඇත්තට වැඩිය බොරුව. සමස්ත රටේ වැඩිදෙනෙක් අප්පුඩි ගහලා තියෙන්නේ බොරුවට. දැන් මම විශ්ව විද්‍යාලයේ හිටියා හරි අරගල කාරයෝ. හැබැයි එළියට ආපුවහම ඔය අරගල කාරයෝ බොහෝම ආත්මාර්තකාමි. යුක්තිය සාධාරණය නෑ.“

Read more

Local News