ජනාධිපතිවරණයට අදාල පැමිණිලි පසු විපරම් කටයුතු ඇරඹේ

Share

ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව මඟින් පිහිටුවන ලද ඒකකය වෙත ලැබුණු පැමිණිලිවල පසු විපරම් කටයුතු මේ දිනවල සිදු කෙරෙයි.

ජනාධිපතිවරණය පැවති කාලසීමාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මෙම පැමිණිලි ඒකකය ස්ථාපිත කර තිබුණි.

ඒ අනුව අදාල ඒකකය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන් ‌වෙයි.

පසු විපරම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම පැමිණිලිවලට සම්බන්ධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීම සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව පවසයි.

එමෙන්ම පැමිණිලි භාරගැනීමේ ඒකකය වෙත ලද පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිශන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News