‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පීයා මෙලොවින් සමුගනී

Share

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ. ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය.

‘බග්ස් බනී’ කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි.

හැට වසරකට එහා යන බොබ් ගිවන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා – බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර තිබේ.

‘ටොම් ඇන්ඩ් ජෙරී’ සහ ‘ඩැෆී ඩක්’ ද ඔහු අතින් නිර්මාණ වූ සෙසු කාටූන් චරිත අතර වේ.

1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් ‘ඩොනල්ඩ් ඩක්’ (Donald Duck) සහ ‘ස්නෝ වයිට්’ (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු කළේය.

Read more

Local News