පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු කොන්දේසි කඩකරමින් සිදු කරන බවට ‍චෝදනා

Share

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය යටත්ව බගවන්තලාවේ සිට කැලණි ගඟට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය හරස් කරමින් ඉදි කිරීම් ආරම්භ කර ඇති පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු කොන්දේසි කඩකරමින් සැලැස්මට සහ අනුමැතියට පැටහැනිව සිදු කර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.

කෙසෙල්ගමුඔයේ ගිනිගත්හේන මැඩිත්ත සහ මාගම්පිටිය ගම් යා කරන පාලම අසලින් විදුලි බලාගාර වේල්ලද ඊට කිලෝමිටරයක් පමණ පහලින් දිගම්පිටිය ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය පස් සහ ගල් පුරවා හරස් කර ජල විදුලි බලාගාර ඉදි කරන බව පරිසරවේදීන් චෝදනා කරයි.

කෙසෙල්ගමුඔයේ දිගම්පිටිය ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය ගං ඉවුරට අඩි 140 ක් ඉහළින් විදුලි බලාගාර ඉදි කරන ලෙසට සැලසුම් අනුමත කර තිබුණද විදුලි බලාගාර ව්‍යපෘතියේ නිලධාරින් විසින් කෙසෙල්ගමුඔයේ ගං ඉවුර සහ ගං පතුළට හානි කරමින් කෙසෙල්ගමුඔයේ අදාල ජල විදුලි බලාගාරය ඉදි කිරීමට කටයුතු කර ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

කාසල්රි ජලාශය සහ විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමෙන් කෙසෙල්ගමුඔයට විශාල ජල ධාරිතාවක් එකතු වන නිසා පෞද්ගලික ජල විදුලි බලාගාර වේල්ල කෙසෙල්ගමුඔ හරහා ඉදි කර තිබිම නිසා ගගේ ජලය රිසි සේ පහලට ගලා නොබසින අතර, ගඟේ ජල මට්ටම ඉහළ යන විට ගම්මාන රැසක් ජලයෙන් යටවන බව ගිනිගත්හේන මැඩිත්ත සහ මාගම්පිටිය ගම්මානවල කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් කියා සිටියි.

පරිසර කොන්දේසි කඩ කර අදාල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය අවස්තා කිහිපයකදිම සිදු කිරිම නිසා මධ්‍යම පරිසර අධිකාරිය සහ අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු තාවකාලිකව නතර කර තිබියදිත් එම ව්‍යපෘතිය භාර කොන්ත්‍රාත්කරුවන් විසින් ඇතැම් අවස්තාවල එම ව්‍යපෘතියේ වැඩ කටයුතු රහසිගතව සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

2003 වසරේදි සුනිත්‍යය බල ශක්ති අධිකාරිය මගින් අවසර ලබාගෙන ඉදි කිරිම් ලබාගෙන ඇති එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු මේ වන විට කොන්දේසි උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේ අවස්තා කිහිපයකදි තාවකාලිකව නතර කිරිමට එම විදුලි බලාගාරය ඉදි කිරිමට අවසර ලබා දුන් රාජ්‍යය ආයතන විසින් කටයුතු කර තිබුණි.

කෙසෙල්ගමුඔයේ විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරන පෞද්ගලික ජල විදුලි බලාගාරයේ කටයුතු නිසි සැලසුමට අනුකුලව, පරිසර හානි සිදු නොකර කොන්දේසි කඩ නොකරමින් සිදු කරන ලෙසයි කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් සහ පරිසරවේදින් කියා සිටියි.

Read more

Local News