ටෙස්ට් තරගාවලියට පාකිස්ථානයට යන සංචිතය ‌මෙන්න

Share

පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංවිතය නම් කර තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වෙයි.

මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.

සංචිතයේ සෙසු ක්‍රිඩකයින් ලෙස ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් නම් කර තිබේ.

ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

Read more

Local News