ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනයක්

තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර ඇත.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි පැවැත්විණි.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය.