හෙට සිට වැස්ස වැඩියි

Share

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, වයඹ, සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අමතරව දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැක.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ගිගුරුම්සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News