නව ආණ්ඩුවේ වෙනස්කම් ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය දේ

Share

නව ආණ්ඩුවේ වෙනස්කම් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරිමට හැකිවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව සම්මත කර ගන්නා අයවැයකින් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන තෙක් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනිමට සිදුව ඇත්තේ අතුරු සම්මත ගිණුමක් මගින් බවයි.

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා සිය ධුරයේ වැඩ භාරගැනිම ඊයේ (29) සිදුවූ අතර එම අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News