ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ

Share

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (24) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.

බදුල්ල සහ දෙහිඕවිට යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 27 සහ 25 වන වියේහි පසුවන මෙම පුද්ගලයින් දෙදෙනා දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමෙන් අනතුරුව ගොඩබිම වෙත රැගෙන එමට එම නාවිකයින් කටයුතු කරන ලදි.

Read more

Local News