ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

Share

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගෙන තිබේ.

එම සංවිධානයට අයත් වෙබ් අඩවියක සටහනක් තබමින් ඔවුන් පවසන්නේ සිය සටන්කරුවෙකු ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එහෙත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කර ‌නොමැත.

පෙරේදා රාත්‍රියේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ප්‍රහාරකයාද මිය ගොස් තිබේ.

ප්‍රහාරකයා බ්‍රිතාන්‍යය ජාතික උස්මාන් ඛාන් නමැති අයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු ත්‍රස්ත චෝදනාවක් මත සිරගතව සිට පසුව නිදහස ලැබූ අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Read more

Local News