වලපනේට නායයෑමේ නිවේදනය තවදුරටත්

Share

නුවරඑළිය, වලපනේ, මුංවත්ත, මලපට්ටාව ප්‍රදේශයේ සිදුව ඇති නායයාම තවදුරටත් සක්‍රීය වීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසයි.

නායයාමට ලක්වු ස්ථානයේ ඉහළින් පිහිටි කොටස මෙසේ අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත්, පළමුව නායයාමට ලක්වු ප්‍රමාණයට වඩා අඩු කොටසක් යළි නායයාමට හැකියාව ඇති බවද ඒ මහතා පැවසීය.

නායයාම නිසා අවහිරව ඇති වලපනේ පදියපැලැල්ල මාර්ගය යළි රථ වාහන ගමනා ගමනයට විවෘත කිරීම සඳහා තවත් දින කීපයක් ගතවෙනු ඇති බවත්, නායයාමට ලක්වු ස්ථානය තුළින් ජලය ගලා ඒම නිසා මාර්ගයට වැටී ඇති පස් හා ගල් ඉවත් කිරීම අසීරුව ඇති බවද ඒ මහතා පවසයි.

වලපනේ, මලපට්ටාව ප්‍රදේශයේ පසුගිය 30 දින ඇති වු නායයාමෙන් එකම පවුලේ හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read more

Local News