රාත්‍රී කාලයේ වැස්ස වැඩියි – කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

උතුරු, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට (03) රාත්‍රි කාලයේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ලබන 04 සහ 05 යන දිනවල වර්ෂාව වර්ධනය විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලට තදවැසි අපේක්ෂා කරන අතර කඳුකර ප්‍රදේශවල නායයෑම්, පහත්බිම් ජලයෙන් යටවීම්, මාර්ග අසල විශාල ගස් ගැලවී යා හැක.

මේ හේතුවෙන් නායයෑම් අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථවාහන රියදුරන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු අතර ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකිරීම සහ හදිසි තත්ත්වයකදී ප්‍රාදේශිය ආපදා කළමණාකරන නිළධාරීන් දැනුවත් කිරීම සිදුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News