ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇර‌ඹේ

Share

මෙවර ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසොළොස්වක පෝය දින, දෙසැම්බර් මස 11 වෙනි දින සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිම්යෝ පවසයි.

ශ්‍රී පාද අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත්කර ඇති ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, සදාතුක කරඬුව හා දේවාභරණ දොරට වැඩම කිරීම ශ්‍රී පාද නායක හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් මත, චාරිත්‍රාණුකුලව මෙම මස (09) වෙනි දින සිදු කෙරේ.

ලබන 10 වෙනි දින අළුයම යෙදෙන සුභ නැකත් අනුව ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ සුභ නැකත් අනුව ශ්‍රී පාදස්ථානය වෙත වැඩමකරවීම සිදු කරනු ලබන්නේ  පෙරහැරවල් තුනක් ලෙසය.

උඳුවප් මස පුන් පෝය 11 වන දින අළුයම යෙදෙන සුභ නැකත් අනුව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී පාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීමෙන් අනතුරුව සඳාතුක කරඬුව හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රී පාද උඩ මලුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරේ.

ඉන් අනතුරුව ප්‍රථම ශ්‍රී පාද පත්ම පූජාව පැවැත්වීමෙන් පසුව සිරිත් පරිදි ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වේ.

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ප්ලාස්ටික්, පොලිතීන් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය  පුද බිමට ගෙන ඒම හා භාවිතය සපුරා තහනම් කර ඇත.

Read more

Local News