එළඹෙන ජනවාරි මස සිට පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන හිඟයක්

Share

එළඹෙන ජනවාරි මස සිට පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන හිඟයක් නිර්මාණය වනු අැති බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණ කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමය පවසන්නේ පොලිතීන් නිෂ්පාදකයින් නව රෙගුලාසි වලට අනුව පොලිතීන් නිෂ්පාදනය කිරීම සඳහා බියක් දක්වන බවයි.

පොලිතීන් නිෂ්පාදන සම්බන්ධයෙන් රජයේ දැනට පවතින ස්ථාවරයේ වෙනසක් සිදු නොවන්නේ නම් අනිසි බියකින් තොරව අදාළ පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර පොලිතීන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අානයනය සඳහා වු යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය මුදලෙන් 50%ක ප්‍රමාණයක් නිෂ්පාදකයින්ට ජනවාරි මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

Read more

Local News