නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු 9ක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (03) දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මත්ස්‍ය සම්පත් සුරැකීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමක් අතරතුරදී කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බේන් වූ  මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු මෙම පුද්ගලයින් පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම පිරිස සතුව තිබි ඩිංගි යාත්‍රා 03 ක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 85 ක්, මුහුදු කුඩැල්ලන් 165ක්, පිටත දහන යන්ත්‍ර 03ක් සහ කිමිදුම් කටයුතු සඳහා යොදා ගන්නා ආම්පන්න තොගයක් සොයා ගෙන ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 42 ත් අතර වියෙහි පසුවන කල්පිටිය, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මසුන් තොගය, මුහුදු කුඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලමධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News