අනුරාධපුර සියලුම ගබඩාවල තිබූ වී වෙළඳපොළට

Share

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම වී ගබඩාවල ගබඩා කර තිබූ වී, වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

 

ගබඩා කර තිබූ වී කිලෝ ලක්ෂ 47 හමාරක් පමණ මේවනවිට වෙළඳපලට නිකුත් කරමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේය.

එළඹෙන උත්සව සමයේදී වෙළඳපළ තුළ හාල් හිඟයක් ඇති නොවන පරිදි, වෙළඳපළට අවශ්‍ය හාල් නිකුත් කරන ව්‍යාපෘතියක් රජය මගින් ක්‍රියාත්මකයි.

ඊට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා තුළ ගබඩා කර තිබූ වී කිලෝ ලක්ෂ 47 හමාරක් වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබේ.

Read more

Local News