මාලදිවයින් විදේශ ඇමති හා අගමැති අතර හමුවක්

Share

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවිය.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් හා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද එක්විය.

Read more

Local News