රනිල් විපක්ෂ නායකධූරය සජිත්ට දෙයි

Share

විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලාස්ථානයේදි රැස්විය.

 

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ‌ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ‌ලෙස ‌තෝරාපත් කර‌ගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ‌යෝජනාවකට අනුවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තිරණය සතියක් ඇතුලත ගැනීමට රැස්වු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තිරණය කර ති‌බේ.

Read more

Local News