අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ස්ථිර විසඳුමක් ලෙස අලි වැට නිර්මාණය කිරීම පිළිගත නොහැකි බව වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
අම්පාර, උහන ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මියගිය වනඅලියෙකු නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මේ වනවිට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.