මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් ජපානයෙන් – පැය කිහිපයකින් මිනිසෙකු මරණයට පත් කළ හැක

Share

පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.

මෙම වෛරසය දැනටමත් පුද්ගලයින් 500 දෙනෙකුට වැඩි පිරිසකට ශරීරගතවී ඇතැයි සදහන් වේ. 1999 වසරේදී මෙම වෛරසය මුලින්ම ජපානයෙන් සොයා ගැණේ.

වෛරසය ආසාධිත වූවන් 66 දෙනෙකු ටෝකියෝ නගරයෙන් ද, කනගාවා නගරයෙන් 44 දෙනෙකුද වාර්තාවී ඇති බව පැවසේ.

එස් ටී එස් එස් යන නමින් හඳුන්වන මෙම වෛරසය ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් වන පෙනහළු, වකුගඩු, හෘදය දක්වා පැතිර ගියහොත් පුද්ගලයෙකු පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වන බව වාර්තා වේ.

ශරීරයේ තුවාලයක් සිදුවීමෙන් මෙය ශරීරගතවන බවට විශ්වාස කෙරේ. එහෙත් එය නිශ්චිතව තහවුරු කිරීමට විද්‍යාඥයින් සමත්ව නැත. උණ, හිසරදය, වමනය, ශරීරයේ වේදනාවන් ආදිය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වේ.

Read more

Local News