5 ශිෂ්‍යත්ව අභියාචනා භාරගැනීම ජනවාරී 15 දා සිට

Share

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව, 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ව අභියාචනා භාරගැනීම 2018-01-15 දින සිට 2018-02-15 දක්වා සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, විධිමත් ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට එවීමට කටයුතු කළ යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News