Tuesday, March 19, 2024.

මිනිස්සු කියන දේ ඔළුවට ගත්තා නම් අද මම මෙතන නෑ – කැරොලයින්

Share

අමෙරිකාවේ පැවති 2020 ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි ඊයේ(10) දිවයිනට පැමිණියේය.

 

ඇය කටුනායක ගුවන්තොටුපොලේ සිට කොළඹට පැමිණියේ සුවහසක් ජනතා හරසර මධ්‍යයේයි.

අමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ කැරොලයින් ජූරි සමත්වුණි.

වසර 35 කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ මෙරටට දිනාදුන් , 27 හැවිරිදි එක්දරු මවක් වන ඇය ඊයේ අලුයම දිවයිනට පැමිණියා.

අනතුරුව ගුවන්තොටුපලේ සිට විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹට පැමිණි අතර මග දෙපස සිටි ජනතාවගෙන් ඇයට උණුසුම් ප්‍රතිචාර හිමිවුණි.

අනතුරුව කැරොලයින් ජූරි කොළඹදි මාධ්‍ය හමුවකට එක්වුණි.

එහිදී අදහස් දැක්වූ  2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය.

“කැරොලයින් ජූරි – 2020 ලෝක විවාහක රූ රැජින. මම මගේ සැමියාට ස්තූතිය කරන්න කැමතියි. මාව විශ්වාස කරගෙන සහය දුන්නට. මගේ නැන්දම්මාටත් ස්තූතිවන්ත වෙනවා

ඇය තමයි තරගයට සහභාගිවෙන්න මට දිරිදුන්නේ. මට කියන්න තියෙන එකම දේ. ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහය අවශ්‍යයි මම ක්ෂේත්‍රයේ නවකයෙක් නිසා සහය අවශ්‍යයි.

මිනිස්සු කියන දේ ඔළුවට ගත්තා නම් අද මම මෙතන නෑ. හැම වෙලාවෙම උදව් කරන්න අපේ රට වෙනුවෙන්

මගේ සැමියා මුදල් ඉල්ලගෙන. අපේ වියදම් වලින් මේ දේවල් කළේ. ලංකාවේ කෙනෙක් තරගකරද්දි සහය දෙන්න. ඔවුන් නියෝජනය කරන්නේ අපේ රටයි“

Read more

Local News