උසස් පෙළ ප්‍රතිඵල තැපැල් කිරීම අද

Share

උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම අද (28) දිනයේදී සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඊට අමතරව කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛනය අද (28) පෙ.ව.10.00න් පසු විභාග දෙපාර්තමේන්තු පසාල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපියන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට කටයුතු කිරීමට කටයුතු කරනු ලබයි.

Read more

Local News