උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම් කිරීම ලබන ජනවාරී 15 දක්වා

Share

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 15 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු ලැබේ.‍

පෞද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම් අනුව අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු බවත් අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විභාග දොපර්තමේන්තු නිල වෙබ් අඩවියේ ද පළ කරනු ලබන බවත්  විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

Read more

Local News