Tuesday, March 19, 2024.

කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමි වන දරුවන්ට සුරක්ෂා රක්ෂණය

Share

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මඟින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

 

එහෙත් ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තියක් ලබා දෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2019-12-01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් දරුවෙකුට තම මවගේ හෝ පියාගේ කවර ආකාරයක හෝ අහිමිවීමක දී (සියදිවි නසාගැනීම් වැනි හේතු මත) සුරක්ෂා රක්ෂණාවරණය මඟින් අදාළ රක්ෂණ ආයතනය සමඟ එක් ව රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබා දීම රජයේ අරමුණ වන අතර, සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ  , 0112784163, 0113641555, 0112784872 යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දීමට ද අවස්ථාව සලසා තිබේ.

Read more

Local News