ධනංජයගෙන් ශතකයක් – ශ්‍රී ලංකාව ඉනිම අවසන් කරයි

Share

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී සිය 6 වන ටෙස්ට් ශතකය රැස්කිරීමට ධනංජය ද සිල්වා සමත්විය.

 

ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

තරඟයේ සිව්වන දිනය වු ඊයේ (14) වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක නොකර තරඟය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ධනංජය පන්දු 165 කදී සිය ශතකය වාර්තා කළ අතර ඒ සමගින් ශ්‍රී ලංකාව සිය ඉනිම අවසන් කොට පාකිස්ථානයට පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ වන විට ශ්‍රී ලංකාව කඩුළු 6 කට ලකුණු 308 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 102ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 59ක් ලබා ගත්තේය.

Read more

Local News