රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් හි බෝම්බ පිපිරීමක් – 10ට තුවාල

Share

රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් හි සිදු වු බෝම්බ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා අැත. ඉන් කිසිවෙකුත් ජිවිතක්ෂයට පත්ව නොමැත. තුවාල ලැබුවන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කර අැති අතර කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව රෝහල් අාරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එම බෝම්බය සාප්පු සංකිර්ණයේ ගමන් මලු තබන ස්ථානයේ තබා අැති බවත්, මෙම බෝම්බ අනතුරින් විශාල හානියක් සිදු නොවීමට හේතුව වී අැත්තේ එහි යොදාගෙන අැති දුර්වල තාක්ෂණය බවත් එරට අාරක්ෂක අංශ සඳහන් කරයි.

මෙම බෝම්බ පිපිරුමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව විමර්ශනයක්  එරට අාරක්ෂක අංශ විසින් අාරම්භ කර තිබේ.

එය තස්ත්‍ර ක්‍රියාවක් ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත.

Read more

Local News