පාඨලී අධිකරණයට පැමිණෙයි

Share

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයවෙත පැමිණ කරුණූ දක්වා තිබේ.

 

පාඨලී චම්පික රණවක මහතා 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්කර බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල සැකකරුවෙකු ලෙස නම් කර සිටියි.

ඒ පිළිබඳ පොලීසිය අධිකරණයට කරුණූ වාර්තා කිරීමෙන් පසු ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය තීරණය කර තිබුණි.

ඒ අනුව අද (16) දහවල් පාඨලී චම්පික රණවක මහතා ඔහුගේ නීතීඥයින් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවේ පෙනී සිට ඇත.

එහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ කොළඹ අපාරධ කොට්ඨාශය විසින් අධිකරණට කරුණු දක්වා පාඨලී චම්පික රණවක මහතාගේ සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාගේ විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති බවයි.

Read more

Local News