ජාතික හැඳුනුම්පත් නොමැති කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්ද මධ්‍යස්ථානවලට අැතුළු වීමට ඉඩ ලබා නොදේ

Share

ජාතික හැඳුනුම්පත් නොමැති කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලට හෝ ඡන්ද මධ්‍යස්ථානවලට අැතුළු වීමට ඉඩ ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරිම සඳහා අනිවාරයෙන්ම ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රාජ්‍ය සේවක හෝ විශ්‍රාම හැඳුනුම්පත, පුජ්‍ය පුජක උතුමන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත යන ඒවායින් එකක් හෝ අැති පිරිස්වලට පමණක් ඡන්දය භාවිතා කිරිම සඳහා ඉඩ ලබා දීමට තීරණය කර අැත.

මෙහිදී ප්‍රදාන හඳුනාගැනීමේ පත්‍ර නොමැති පිරිස් වෙත ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read more

Local News