තද සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ සාමාන්‍ය වැසියන්ට භට පිරිස් සහාය

Share

කිළිනොච්චිය ප්‍රදේශයේ 65 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 651 බළසේනාවට අයත් 15 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මල්ලාවි දිස්ත්‍රික් ලේකම් බලප්‍රදේශයේ තෙවම්පිඩ්ඩි සහ පුදුක්කාඩු ග්‍රාමයන් හරහා හමාගිය තද සුලං හේතුවෙන් විපතට පත් සාමාන්‍ය ජනතාවගේ ආධාරයට පැමිණ තිබේ.

අයහපත් කාළගුණය සහ තද සුළං හේතුවෙන් ගම්වාසීන්ගේ නිවාස 15 අධික ප්‍රමාණයක වහල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබූ අතර, සාමාන්‍ය වැසියන් 74 පමණ ඒ හේතුවෙන් අවතැන්වී සිටියහ.

යුද්ධ හමුදා සාමාජිකයින් 32 ගෙන් සමන්විත පිරිසක් විපතට පත් එම සාමාන්‍ය ජනතාවද සමගින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ නිවාස 02 සහ අර්ධ වශයෙන් හානිවූ නිවාස 13 නැවත යථා තත්වයට පත් කරන ලදි.

Read more

Local News