2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂයයි – ආහාර නිෂ්පාදන වර්ෂයේ සුවිශේෂි කාර්යයක් තිබෙනවා

Share

ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස හඳුන්වා ඇති මෙම වසරේ ඉතා සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එම්. සමරතුංග මහතා පැවසීය.

2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙන අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ධරණීය සංවර්ධනයක් ප්‍රමුඛතම තේමා පාඨයක් වී තිබෙන බවත් ජනතාව වෙනුවෙන් රටේ ආහාර නිෂ්පාදන වැඩසටහනට සියලු දෙනා දායක විය යුතු බවත් ආචාර්ය සමරතුංග මහතා පෙන්වා දුන්නේය.

නව වසරේ ජනමාධ්‍ය අමාත්‍යාංශ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (02) පැවැති රැස්වීමේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ තිරසර සංවර්ධනය යන කරුණු තුන තුලනාත්මකව ඉදිරියට ගෙන යාම වර්තමානයේ තිරසර සංවර්ධනය ලෙස හඳුන්වා දී තිබෙන බවත්  ස්වභාවික සම්පත් වර්ධනය කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ රටේ එක පැත්තක ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික් 10- 11ක් දැඩි හානියට ලක් වූ බව පෙන්වා දුන් ලේකම්වරයා අනෙක් පැත්තකින් ඇති වූ දැඩි නියගය හේතුවෙන් කන්න කිහිපයක් වගා කටයුතු කිරීමට නොහැකි වූ බව ද පෙන්වා දුනනේය.

මේ රටේ මුහුදට ගලා යන ගංගා 102ක් තිබෙන මෙන්ම ඒ අතරින් නිතරම ජලය තිබෙන ජල ප්‍රවාහන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන අතර ඉන් අප උපරීම ප්‍රයෝජන ගැනීමට අදාළ අංශ දැනුම්වත් කිරීමේ කාර්යය ද ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙන බව සමරතුංග මහතා අවධාරණය කළේය.

විශේෂයෙන්ම පවතින නියග තත්ත්වය හේතුවෙන් ජල කළමනාකරණය පිළිබඳ විශාල ලෙස සැලකිල්ලට ගනිමින් ඒ සඳහා කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News