ඉරානයෙන් අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

Share

ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

 

ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සඳහා එල්ල කළ ප්‍රහාරයක් බවයි.

මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඉරාකයේ පිහිටි අල් අසද් ගුවන් හමුදා කදවුර සහ ඒර්බ් නමින් හදුන්වන ඇමෙරිකානු කදවුරයි.

මෙම ප්‍රහාරයෙන් සිදු වී ඇති හානිය මෙතෙක් පෙන්ටගනයෙන් නිල වශයෙන් දන්වා ‌නොමැත.

ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා සදහන් කර තිබුණේ ජනපති ට්‍ර්ම්ප් ඉදිරියේදී ජාතිය ඇමතීමට සුදානමමින් සිටින බවයි.

මේ අතර ඊයේ දිනයේදී ඉරාන පාර්ලිමේන්තුවේදී ඇමෙරිකානු හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගන්නා යෝජනාවක් සම්මත කර ති‌බේ.

එමෙන්ම ට්‍රම්ප්ගේ හිසට ඩොලර් මිලියන 80 ක් ලබා දෙන බවත් ඉරාන නායකයා පවසා ති‌බේ.

Read more

Local News