නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (12) ත්‍රිකුණාමලය, සමුද්‍රගම ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 31.187 (පැකට් 11) ක් සොයා ගැනීමට සමත්ව ඇත.
මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී මත්‍ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට ක්‍රියා කර ඇත.
ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව ත්‍රිකුණාමලය, සමුද්‍රගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර තිබේ.
එහිදී එම ත්‍රීරෝද රථය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 31.187 (පැකට් 11) පමණ සොයා ගෙන ඇති අතර, එහිදී ත්‍රීරෝද රථයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 21 සහ 22 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, එම සැකකරුවන්, ත්‍රිරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, පොලිස් මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.