LTTEය යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යාවත්කාලීන කරයි

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කරනු ලැබ තිබේ.

 

එම ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් වේ.

යුරෝපා සංගමය නිකුත් කළ එම ලැයිස්තුවට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් 15 දෙනෙකුගේ නම් ද ඇතුළත් කර තිබේ.

එමගින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 21කි.

එම සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් මෙම ලැයිස්තුව නිකුත් කර තිබේ.